දැන්වීමයි!

    වැල්ලමඩම සංකීර්ණයේ  තනිකඩ හා විවාහක නිවාස සඳහා අයදුම්පත් කැඳවීම

    රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පිහිටි තනිකඩ නිවාස හා විවාහක නිවාස සංකීර්ණවල දැනට පවතින හා ඉදිරි මාස 06 තුළ පුරප්පාඩු වීමට නියමිත නිවාස  සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

    • තනිකඩ නිවාස සඳහා අයදුම් කළහැකි කාර්ය මණ්ඩලය 
      • අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්
      • පරිපාලන කාර්ය මණ්ඩලය සාමාජිකයින්
      • කළමණාකරණ සහකාර හා සමාන්තර ශ්‍රේණි වල සාමාජිකයින්
    • විවාහක නිවාස සඳහා අයදුම් කළහැකි කාර්ය මණ්ඩලය
      • A ශ්‍රේණියේ නිවාස සඳහා - අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින්
      • B ශ්‍රේණියේ නිවාස සඳහා - කළමනාකරණ සහකාර හා සමාන්තර ශ්‍රේණි සාමාජිකයින්
      • C ශ්‍රේණියේ නිවාස සඳහා - වැඩ සහයක හා සමාන්තර ශ්‍රේණි සාමාජිකයින්

    මේ සඳහා අවශ්‍ය අයදුම්පත් රුහුණ විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය පාලන අංශයෙන් කාර්යාල වේලාවන් තුළදී ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2022.01.19  දින හෝ එදිනට පෙර භාරදිය යුතුය.

    දැනටමත් අයදුම්පත්‍ර භාර දී ඇති අයදුම්කරුවන් ද නැවත වරක් අයදුම්පත්‍ර යොමු කළ යුතුය.

    පී.ඒ. පියල් රේණුක

    නියෝජ්‍ය ලේඛකාධිකාරී

    සාමාන්‍ය පාලන

    2021.12.29

     

    Application form

    රුහුණ විශ්වවිද්‍යාලය කාර්ය මණ්ඩල නිල නිවාස ලබා ගැනීම පිළිබඳ අයදුම්පත්‍රය

    01.අයදුම්කරුගේ සම්පූර්ණ නම  :  ……………………………………………………………………………………………………………….

    1. තනතුර : …………………………………………………………………………………………………………………………………………….

    03.සේවය කරන අංශය :  …………………………………………………………………………………………………………………………….

    04.විශ්වවවිද්‍යාල සේවයට පත් වූ දිනය  :……………………………………………………………………………………………………….

    05.රුහුණ විශ්ව විද්‍යාලයේ සේ සේවයට පත් වූ දිනය  :  ………………………………………………………………………………….

    06.රුහුණු විශ්ව විද්‍යාලයට ස්ථාන මාරුවී පැමිණියේ නම් කවදා සිටද  :  ……………………………………………………………

    07.උපන්දිනය  :  …………………………………………………………………………………

    08………………………………….දිනට වයස :  අවු  : ……………..  මාස  : ……………..  දින  : ………………..

    09.ඉදිරියට විශ්වවිද්‍යාලයේ සේවය කළ හැකි  කාල සීමාව :  අවු--- මාස

    1. ස්ථිර ලිපිනය

     දුරකථන අංකය ඊමේල් ලිපිනය

    1. ස්ථිර ලිපිනයෙ සිට වැල්ලමඩම කාර්යාලය ට ඇති දුර ප්‍රමාණය km

    12.තාවකාලික ස්ථානයක පදිංචිචිව සිටී නම් එම ලිපිනය

    1. එම තාවකාලික ලිපිනයෙ සිට වවැල්ලමඩම කාර් කාර්යාලයක ඇති දුර ප්‍රමාණය
    2. විවාහක අවිවාහක බව
    3. කලත්‍රයා රජයේ රැකියාවක නියුක්තව සිටීද
    4. කලත්‍රයා රැකියාව කරන ස්ථානය
    5. කලත්‍රයා රජයේ රැකියාවක  නියුක්ත ව සිටී නම් ඔහු ඇය රජයේ නිල නිවාස හිමිකම් ලබා තිබේද

     18.විවාහක නම් දරුවන් පිළිබඳව විස්තර

     නම වයස පාසල

    19.නිල නිවාසයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් ඒ පිළිබඳව විස්තර

    20.දැනට  ඔබ සතු නිවාසයක් තිබේද

    21.දැනට ඔබ පදිංචිව සිටිනුයේ කුලී නිවාසයක ද

     පසු පිටෙහි දක්වා ඇති ලිපි ලේඛන මේ සමග අමුණා ඇත

     මෙම අයදුම්පත්‍රයෙහි ඉහතින් සදහන් කර ඇති තොරතුරු සියල්ල සත්‍ය ඒවා බවත් නිවාස වෙන් කිරීමට පෙර එම් තොර තොරතුරු අසත්‍ය ඒවා බැව් ඔප්පු වුවහොත් මාගේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වන බැව් මා හොඳ හැටි දන්නා බවත් යම් කිසි හෙයකින් මා හට නිවාසයක් වෙන් කිරීමෙන් පසුව වුවද මා සපයා ඇති තොරතුරු සාවද්‍ය යැයි ඔප්පු වුවහොත් එම නිවාසය මසක කාලයක් ඇතුළත නැවත ආපසු භාර දීමට සිදුවන බව මා හොඳ හැටි දන්නා බවත් මින් සහතික කරමි

    දිනය:………………………….                                                                                   ...........................................

                                                                                                                                      අයදුම්කරුගේ අත්සන                                            


     

    දැන්වීමයි

    රුහුණ විශ්වවිද්‍යාලය - මාතර

    පොල් විකිණීම සඳහා මිල ගණන් කැඳවීම - වැල්ලමඩම පරිශ්‍රය

    රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ නෙලාගත් පොල් අස්වැන්න විකිණීම සඳහා ගැණුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවනු ලැබේ.

    පොල් ගෙඩි ගණන

              පොල් මිලයට ගැනීම පිළිබඳ විස්තර

    854

    සම්පූර්ණ තොගයම මිලදී ගැනීම සඳහා මිල ගණන් ලබාදිය යුතුය

    මේ සඳහා කැමැත්ත දක්වන ගැනුම්කරුවන් පරීක්ෂාකර බලා 2021.12.03   පෙර මිල ගණන් සැපයීම කළ යුතුය.

    කොන්දේසි

    • පරීක්ෂා කිරීම සතියේ දිනවල පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා
    • සම්පූර්ණ කරන ලද මිල ගණන් පත්‍රිකා ගැනුම්කරුගේ නම, ලිපිනය, දුරකථන අංකය සහිතව සකස්කර මුද්‍රා තබන ලද කවරයක බහා 2021/12/03 දිනට හෝ ප්‍රථම නියෝජ්‍ය ලේඛකාධිකාරී, සාමාන්‍ය පාලන අංශයට ගෙනවිත් භාරදිය හැක.

    UNIVERSITY OF RUHUNA

    REGISTRATION OF SUPPLIERS / CONTRACTORS FOR YEAR 2022

    The Chairman, Department Procurement Committee, University of Ruhuna invites applications from the qualified Suppliers/Contractors/Service Providers to register with the University of Ruhuna for the supply of under mentioned Goods/Services/Works for year 2022.

    More Detais


    රුහුණ විශ්වවිද්‍යාලය

    2022 වර්ෂය සඳහා ආපනශාලා පවත්වාගෙන යාම සඳහා

    ප්‍රසම්පාදන කැඳවීම

    රුහුණ විශ්වවිද්‍යාල කාර්යය මණ්ඩලයට 2022 පෙබරවාරී 01 සිට වර්ෂයක් සඳහා ආහාරපාන සැපයීම සඳහා සේවක ආපනශාලා අංක 02 පවත්වාගෙන යාමට සුදුස්සෙක් තෝරා ගැනීම සඳහා පිළිගත් ආයතන වලින් සහ පළපුරුදු පුද්ගලයින්ගෙන් 2021.11.24 දින ප.ව. 2.00 දක්වා මිල ගණන් කැඳවනු ලැබේ.

     

    ලංසු පත්‍ර ලබා ගැනීම

    ආපසු නොගෙවන රු. 1000/- ක මුදලක් ලංසු ගාස්තු ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ සරප් වෙත ගෙවා ලබාගත් ලදුපත ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (සාමාන්‍ය පාලන) වෙත ඉදිරිපත් කිරීමෙන් අදාල විස්තර හා ලංසු පත්‍රිකා 2021.11.23 දින ප.ව. 3.00 දක්වා (කාර්යාල වේලාවන්හිදී) ලබාගත හැකිය.  විශ්වවිද්‍යාලය තුල ආපනශෘලා පවත්වාගෙන යාමට නුසුදුසු බවට විශ්වවිද්‍යාලය විසින් තීරණය කර ඇති කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට ප්‍රසම්පාදන අයදුම්පත් නිකුත් කරනු නොලැබේ.

     

    ලංසු භාර ගැනිම

    නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු “මුල් පිටපත” සහ ”අනු පිටපත” වෙන වෙනම ලියුම් කවර දෙකක බහා නැවතත් එම ලියුම් කවර එක් ලියුම් කවරයක බහා එහි උඩ කෙළවරේ “සේවක ආපනශාලා අංක 02 සඳහා මිල ගණන් කැඳවිම - 2022” යනුවෙන් පැහැදිලිව සඳහන් කර 2021.11.24 වන දින ප.ව. 2.00 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් “සභාපති, ප්‍රසම්පාදන කමිටුව, රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර” යන ලිපිනයට එවිය යුතුය.  නැතහොත් එම ලිපිනයේ ලේඛකාධිකාරී කාර්යාලයේ තබා ඇති අංක: 01 ටෙන්ඩර් පෙට්ටියට ගෙනවිත් බහාලිය හැකිය.  ප්‍රමාද වී හෝ අසම්පූර්ණව ලැබෙන ලංසු පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.

     

    ලංසු විවෘත කිරීම

    2021.11.24 වන දින ප.ව. 2.00 ට ලංසු වීවෘත කරනු ලැබේ.  එම අවස්ථාවට ලංසුකරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට පෙනි සිටිමට අවසර දෙනු ලැබේ.  මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අංක: 041-2222681/82 දිගුව 12015 යන දුරකථන මගින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී / සාමාන්‍ය පාලන ගෙන් විමසා දැන ගත හැකිය.

    සභාපති

    ප්‍රසම්පාදන කමිටුව

    රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම. මාතර.

    2021.11.10


    © 2025 Department of Computer Science. All Rights Reserved.