රුහුණ විශ්වවිද්‍යාලය
2026/2027 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල සේවක ආපනශාලා පවත්වාගෙන යාමට
ප්‍රසම්පාදන කැඳවීම
රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයට අයත් පහත සඳහන් සේවක ආපනශාලාවන් පවත්වාගෙන යාමට පිළිගත් ආයතනවලින් සහ පළපුරුදු පුද්ගලයින්ගෙන් 2026.03.17 දින ප.ව. 2.00 දක්වා ප්‍රසම්පාදන අයඳුම්පත්‍ර භාරගනු ලැබේ.
සේවාව අවශ්‍ය කරන ආපනශාලා
- සේවක ආපනශාලාව අංක 01 - වැල්ලමඩම පරිශ්‍රය
- සේවක ආපනශාලාව අංක 02 - වැල්ලමඩම පරිශ්‍රය
ප්‍රසම්පාදන ආකෘති පත්‍ර සහ විස්තර ලබාගැනීම සඳහා ආපසු ගෙවන නොලබන රු. 1000/- ක ගාස්තුවක් මෙම විශ්වවිද්‍යාලයේ සරප් වෙත ගෙවා ලබාගත් කුවිතාන්සිය, නියෝජ්‍ය ලේඛකාධිකාරි (සාමාන්‍ය පාලන) වෙත ඉදිරිපත් කළ යුතුය.
කාර්යාල දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 අතර වේලාවන් තුළදි සාමාන්‍ය පාලන අංශයට පැමිණිමෙන් 2026.03.03 දින සිට 2026.03.17 දින දක්වා ප්‍රසම්පාදන අයඳුම්පත් ලබාගත හැකිය. විශ්වවිද්‍යාලය තුළ ආපනශාලා පවත්වාගෙන යාමට නුසුදුසු බවට විශ්වවිද්‍යාලය විසින් තීරණය කර ඇති කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට ප්‍රසම්පාදන අයදුම්පත් නිකුත් කරනු නොලබනු ඇත.
සම්පුර්ණ කරන ලද ප්‍රසම්පාදන අයදුම්පත් මුද්‍රා තබා නියමිත දිනට පෙර “සභාපති, විශ්වවිද්‍යාල ප්‍රසම්පාදන කමිටුව, රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර (2026.03.17 දිනට පෙර ලැබිය යුතු වේ.) ගෙනවිත් භාර දෙන්නේ නම් සාමාන්‍ය පාලන අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට 2026.03.17 දින ප.ව. 02.00 ට පෙර බහාලිය යුතුය. අඳාළ ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “ආපනශාලාවේ නම” පැහැදිලිව සඳහන් කළ යුතුය.
2026.03.17 දින ප.ව. 02.00 ට ප්‍රසම්පාදන මිල ගණන් විවෘත කරන අතර ඔබට හෝ ඔබගේ නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගි විය හැකිය. (විමසීම් - 041-2033254 දිගුව 12015)
සභාපති
විශ්වවිද්‍යාල ප්‍රසම්පාදන කමිටුව
රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම. මාතර.
2026.03.03